සනත් නිශාන්ත මහතා අවසන් ගමන් ගිය හැටි Photos - Sanath Nishantha Breaking NEWS

0 comments

 

 රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මරුට 🟥

කටුනායක අධිවේගී මාර්ගයේ අද අලුයම සිදුවූ රිය අනතුරකින් පසු රෝහල් ගත කෙරුණු රාජ්‍ය ඇමති මිය ගියා


0 comments

 

පොලිස් බල්ලෝ ඡීවිතයකට දුන්න වන්දිය මෙන්න - The value of a life determined by the police Ballo


පසුගිය 18 වැනි දා  පස්වරුවේ නාරම්මල පොලීසියේ නිලධාරීන් පිරිසක් මෙහෙයුමක් සිදු කරමින් සිටින අතරවාරයේ නාරම්මල නගරය ආසන්නයේ දී කුඩා ලොරි රථයකට නවත්වන ලෙස අණ කර ඇති අතර, එම රථය අණ නොතකා ධාවනය කර ඇත.

එහි දී උපපොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු යතුරුපැදියකින් එම ලොරි රථය හඹා ගොස් එය නවතා දම්පැලැස්ස හංදිය අසල දී පරීක්ෂාවට ලක්කර තිබේ.

එම අවස්ථාවේ දී උපපොලිස් පරීක්ෂකවරයාගේ ගිනි අවිය ක්‍රියාත්මක වී ලොරි රථයේ රියදුරුගේ හිසට වෙඩි වැදී ඇති අතර, රියදුරු එම ස්ථානයේ දී ම මියගොස් තිබිණි.

මහ­ර­ච්චි­මුල්ල වෑත්තෑ­කන්ද, 05 කණුව පදිංචි තිදරු පියකු වූ කේ. ඒ. රොෂාන්ත කුමා­ර­සි­රිට (40) පෙරේදා (18) ජීවි­ත­යෙන් අකා­ලයේ සමු ගැනී­මට සිදු වූයේ නාර­ම්මල පොලි­සියේ උප පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යකු සතු ගිනි අවිය ක්‍රියා­ත්මක වීම හේතු­වෙනි. නාර­ම්මල පොලි­සි­යට අනු­යු­ක්තව සේවය කරන උප පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යකු සහ කොස්තා­ප­ල්ව­ර­ය­කුගේ අණ නොතකා ධාව­නය කළේ යැයි කියන ලොරි රථ­යක් පෙරේදා (18) රාත්‍රි 7.00ට පමණ පරීක්ෂා කිරී­මට යෑමේදී මේ අවා­ස­නා­වන්ත සිදු­වීම ඇති වී තිබේ.



සිද්ධි­යට සම්බන්ධ පොලිස් නිල­ධා­රීන් දෙදෙනා නාර­ම්මල ප්‍රදේ­ශයේ යතු­රු­පැ­දි­ය­කින් ගමන් කර­මින් සිටිය දී ලොරි­යට නව­ත්වන ලෙස අණ කර තිබේ. අණ නොතකා ලොරියේ රියැ­දුරු නොන­වත්වා ලොරිය ධාව­නය කිරීම හේතු­වෙන් ඔවුන් ලොරිය පිටු­පස හඹා­ගෙන ගොස් තිබේ. එසේ අණ නොතකා ගිය ලොරිය කොළඹ 05 කුරු­ණෑ­ගල ප්‍රධාන මාර්ගයේ දම්පැ­ලැස්ස ප්‍රදේ­ශයේ එළ­වළු වෙළෙ­ඳ­ස­ලක් අසල නවත්වා ඇති අතර ඒ සම­ඟම ලොරිය පසු­පස හඹා ආ සිවිල් ඇඳු­මින් සිටි නිල­ධා­රීන් දෙදෙ­නා­ගෙන් එක් අයකු වන උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා රිය­දුරු පරීක්ෂා කරන අව­ස්ථාවේ ඔහු සතු පිස්තෝ­ලය ක්‍රියා­ත්මක වීමෙන් තුවාල ලැබූ රියැ­දුරු එහි අසුන මතම මිය ගොස් ඇත.

එම සිද්ධිය වන අව­ස්ථාවේ එහි රැස්ව සිටි ප්‍රදේ­ශ­වා­සීන් උප පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යාට සහ කොස්තා­ප­ල්ව­ර­යාට විරෝ­ධය පළ කළ අතර ඔවුන් දෙදෙ­නාට එම ස්ථාන­යෙන් බැහැ­ර­වී­මට ඉඩ නොදී රඳ­වා­ගෙන විරෝ­ධය පළ කර­මින් කල­හ­කාරී ලෙස හැසිරී ඇති අතර පසුව එහි පැමිණි නාර­ම්මල පොලි­සියේ නිල­ධා­රීන් සිද්ධි­යට සම්බන්ධ උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා සහ කොස්තා­පල් එම ස්ථාන­යෙන් ඉව­ත­ට­ගෙන අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

වෙඩි වැදී­මෙන් තුවාල ලැබූ රියැ­දුරු නාර­ම්මල ප්‍රාදේ­ශීය රෝහල වෙත ඇතු­ළත් කරන විටත් මිය­ගොස් සිට ඇති අතර කටු­පොත ප්‍රදේ­ශයේ සිට නාර­ම්මල හරහා දම්පැ­ලැස්ස ප්‍රදේ­ශය ඔස්සේ අලව්ව වෑත්තෑ­කන්ද නිවෙස බලා ගමන් කර­මින් සිටිය දී මේ වෙඩි ප්‍රහා­ර­යට ලක් විය.



සිද්ධි­යට විරෝ­ධය පළ කර­මින් නාර­ම්මල නගර මධ්‍යයේ පොලිස් ස්ථානය අස­ලට රැස් වූ ප්‍රදේ­ශ­වා­සීන් කල­හ­කාරී ලෙස හැසි­රී­මෙන් නාර­ම්මල නගර මධ්‍යයේ පිහිටි පොලිස් ස්ථානයේ දේප­ළ­ව­ලට ගල්මු­ල්ව­ලින් පහ­ර­දීම හේතු­වෙන් අලාභ හානි සිදුව තිබේ. තත්ත්වය පාල­නය කිරී­මට පොලිස් විශේෂ කාර්ය බළ­කායේ නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් යොදවා ඒ තත්ත්වය මැඬ පවත්වා තිබේ. මහ­ර­ච්චි­මුල්ල, වෑත්තෑ­කන්ද පදිංචි රොෂාන්ත ගමේ කා අත­රත් හොඳ හිත දිනා ගනි­මින් වඩු කාර්මි­ක­යකු ලෙස ජීවි­තය ගොඩ නගා­ගත් ගමේ මෙන්ම පිට­ස්ත­ර­වද ප්‍රසිද්ධ චරි­ත­යකි. ඔහු යටතේ පුද්ග­ල­යන් 10 දෙනෙක් පමණ වඩු කාර්මික වෘත්තියේ නිර­තව සිටිති. පෙරේදා (18) උදෑ­සන කටු­පොත ප්‍රදේ­ශයේ නි‍ෙව­සක වහ­ලය ඉදි­කි­රීමේ කට­යු­තු­වල තම සේවක පිරිස සමඟ නිරත වී පැමි­ණෙන අතර ඔහු මේ අවා­ස­නා­වන්ත සිද්ධි­යට මුහුණ පා ඇත.

රොෂාන්ත කා අත­රත් ගමේ ප්‍රසි­ද්ධව සිටියේ මංජු යන නමිනි. ගමේ සාමා­ජීය කට­යු­තු­ව­ලදී මුල් පෙළේ කැපී පෙනෙන චරි­ත­යක් වූ ඔහු කාගේත් හොඳ හිත දිනා ගනි­මින් දෑතේ රැකි­යාව උන­න්දු­ව­කින් කර­මින් ජීවත් වූ පුද්ග­ල­යෙකි. රොෂා­න්තගේ පුංචි කැදැල්ලේ නිවුන් දූවරු දෙදෙනා සමඟ පුතෙකි.
 වඩු කාර්මි­ක­යකු ලෙස තමා දන්නා දෑතේ රැකි­යාව පුංචිම තැනින් පටන් ගත් රොෂාන්ත ගමේ රැකි­යා­වක් නැති තරු­ණ­යන් රැස­කට වඩු වැඩ උගන්වා ඔවු­නට දෑතේ රැකි­යාව හුරු කර ඇත්තේ තමා උගත් ශිල්පය තවත් පිරි­ස­කගේ බඩ වියත රැක ගැනී­මට නොම­සු­රුව කියා දෙමිනි.



පොලිස් අණ නොතකා ධාව­නය කළ බව කිය­මින් ලොරි රථ රියැ­දු­ර­කුට මහ­ම­ඟදී වෙඩි තබා ඝාත­නය කළ නාර­ම්මල පොලි­සියේ දූෂණ මර්දන අංශයේ වැඩ­බ­ලන ස්ථානා­ධි­පති (උ.පො.ප) ගුණ­ව­ර්ධන යන නිල­ධා­රියා නාර­ම්මල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව 23 දා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර තිබේ.

ේ නිල­ධා­රියා නාර­ම්මල පොලි­සියේ දූෂණ මර්දන අංශයේ වැඩ­බ­ලන ස්ථානා­ධි­පති ලෙස පත් වී ඇත්තේ දූෂණ මර්දන අංශයේ ස්ථානා­ධි­ප­ති­ව­රයා පොලිස් කොස්තා­ප­ල්ව­ර­යකු සමඟ නීති විරෝධි මත්පැන් ජාවා­ර­ම්ක­රු­ව­කු­ගෙන් රු. 10,000ක මුද­ලක් අල්ලස් ලෙස ගන්නා අව­ස්ථා­වේදී පසු­ගිය 16 දා අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­ෂන් සභාව විසින් අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් අන­තු­රු­වය.

මේ උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා පෙරේදා (18) උදෑ­සන දූෂණ මර්දන වැට­ලී­ම්ව­ලට යන බව සඳ­හන් කර පොලිස් ස්ථාන­යෙන් පිට වී ගොස් ඇති අතර, එහිදී මේ නිල­ධා­රියා හෝ සෙසු නිල­ධා­රීන් සිවිල් ඇඳු­මින් සැරසී යන බව සට­හන් කර නැති බවත්, සට­හන් තබා ඇත්තේ නිල ඇඳු­මින් සැරසී ගමන් කරන ආකා­ර­යට බවත් පොලිස් තොර­තුරු සඳ­හන් කළේය.

යුක්තිය මෙහෙ­යු­මට අදා­ළව වැට­ලීම් කිරී­ම­ට­යැයි කියා උසස් නිල­ධා­රීන් කිසි­ව­කු­ගේත් අව­ස­ර­යක් නැතිව මේ නිල­ධා­රියා දූෂණ මර්දන අංශයේ නිල­ධා­රි­නි­යක සහ නිල­ධා­රීන් දෙදෙ­නක සමඟ පොලිස් ස්ථාන­යෙන් සිවිල් ඇඳු­මින් සැරසී පිටත්ව ගොස් ඇත්තේ සිවිල් ඇඳු­මින් බව පොලිස් තොර­තුරු සඳ­හන් කළේය. මේ නිල­ධා­රියා සමඟ දූෂණ මර්දන වැට­ලී­මට ගොස් ඇත්තේ (පො.සැ) අම­ර­තුංග (40925), (පො.කො) කුල­සේ­කර (72817), (කා.කො) බාල­සූ­රිය (9516) යන නිල­ධා­රීහු පිරි­සය.

මෙදින දහ­වල් කාලයේ නාර­ම්මල පොලිස් වසම තුළ කර­ක්ගසා ඇති මේ නිල­ධා­රීන්ට කිසිදු සැක­ක­රු­වකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට නොහැකි වී දහ­වල් කාලයේ පොලිස් ස්ථාන­යට පැමිණ ඇත. එහිදී මේ නිල­ධා­රීන් රාජ­කා­රිය අව­සන් කිරීමේ සට­හන් නොදමා දහ­වල් ආහා­රය ගෙන පොලිස් ස්ථානය තුළ මඳ වේලා­වක් රැඳී සිට ඇත. දහ­වල් ආහා­ර­යෙන් පසු සැර­ය­න්ව­රයා සහ කාන්තා කොස්තා­ප­ල්ව­රිය විවේක ගෙන පොලිස් ස්ථානයේ රැඳී සිට ඇති බවත්, උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා කවු­රුන් හෝ අල්ලා­ගෙන විත් දවසේ වැට­ලීම් ප්‍රමා­ණය සම්පූර්ණ කිරීම සඳහා (පො.කො) කුල­සේ­කර සමඟ නිල­ධා­රි­යාට අයත් පෞද්ග­ලික යතු­රු­පැ­දියේ නැගී ගමන් කර ඇති බවත් පොලිස් තොර­තුරු සඳ­හන් කළේය.

එසේ පොලිස් ස්ථාන­යෙක් නැවත වරක් පිට වී ගිය මේ නිල­ධා­රීන් දෙදෙනා සවස් කාලය වන තුරු හතර වටේ කර­ක්ගැ­සු­වත් කිසිදු සැක­ක­රු­වකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකි­යා­වක් ලැබී නැත. හිස් අතින් නැවත පොලිස් ස්ථාන­යට පැමි­ණී­මට මැළි­ක­මක් දැක්වූ උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා නාර­ම්මල හාල්වැල්ල හන්දිය අසල රැඳී සිටි­යදී SG PQ 7238 අංකය දරන ඩීමෝ බට්ටා වර්ගයේ ලොරිය ඒ ස්ථාන­යෙන් ගමන්එ කර තිබේ. මේ රථයේ ගමන් කර ඇත්තේ මහ­ර­ච්චි­මුල්ල වෑත්තෑ­කන්ද ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වකු වන කේ.ඒ. රොෂාන්ත කුමා­ර­සිරි (41) නමැති වඩු කාර්මි­ක­යෙකි. මේ වඩු­කා­ර්මි­කයා සහ ඔහුගේ ලොරිය නාර­ම්මල වැසි­යන් මෙන්ම පොලි­සි­යද හොඳින් දන්නා කියන බව පොලිස් තොර­තුරු අනා­ව­ර­ණය කළේය. මේ ලොරි­යට උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා විසින් නතර කිරී­මට සංඥා කර ඇති බවත්, ඇතැම් විට ඔහු මේ රථ­යට අත දමා නව­තන්න උත්සාහ දරා ඇත්තේ එහි අල්ලා­ගන්න ලී කෑල්ල­ක්වත් තිබේ­දැයි සිතා­ගෙන විය හැකි බවත් පොලි­සි­යේම උද­විය ප්‍රකාශ කළේය.

මේ නිල­ධා­රියා අඳුරේ සිවිල් ඇඳු­ම­කින් සැරසී ලොරිය නතර කිරී­මට අණ කිරීම හේතු­වෙන් එය නොන­වත්වා ධාව­නය කර ඇත. එහිදී උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා එය පස්සෙන් පන්නා ගොස් නාර­ම්මල රම්මු­තු­ගල පිහිටි ජී.එස්. එළ­වළු වෙළෙ­ඳ­සල අස­ලදී රථය නවතා ගිනි අවියේ අගුළු ඉවත් කර රියැ­දු­රුගේ හිසට තබා ඇති බව පොලි­සිය මේ වන විට කර ඇති මූලික විම­ර්ශ­න­ව­ලදී පෙනී ගොස් ඇත. අගුළු ඉවත් කර තිබීම හා ඒ වන විට කල­බ­ල­යෙන් එම උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා සිටි බැවින් ගිනි අවිය ඔහු අතින් ක්‍රියා­ත්මක වී ඇති බව විම­ර්ශ­න­යේදී පෙනී ගොස් තිබේ.

මේ වෙඩි තැබීම සම්බ­න්ධ­යෙන් අප­රා­ධ­මය විම­ර්ශන පැවැ­ත්වෙන්නේ කුලි­යා­පි­ටිය කොට්ඨා­සය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි මහේෂ් කුමා­ර­සිංහ මහ­තාගේ පූර්ණ අධී­ක්ෂ­ණ­යෙන් කුලි­යා­පි­ටිය කොට්ඨාස අප­රාධ විම­ර්ශන කාර්යාං­ශය විසිනි. මේ වෙඩි තැබීම සම්බ­න්ධ­යෙන් පොලිස් අභ්‍ය­න්තර විම­ර්ශ­න­යක් පැවැ­ත්වී­මට වැඩ බලන පොලි­ස්ප­ති­ව­ර­යාගේ උප­දෙස් මත පොලිස් විශේෂ විම­ර්ශන කාර්යාං­ශයේ නිල­ධා­රීන් කණ්ඩා­ය­මක්ද ඊයේ (19) නාර­ම්ම­ලට පැමිණ තිබිණි. ඒ නිල­ධා­රීන් පොලි­සියේ පොත්පත් සිය භාර­යට ගෙන විම­ර්ශන ආරම්භ කර තිබිණි.


සිද්ධි­යට සම්බන්ධ උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා සහ කොස්තා­ප­ල්ව­ර­යාගේ වැඩ තහ­න­මට ලක්කර ඇත. මෘත දේහය සම්බන්ධ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය කුරු­ණෑ­ගල දිස්ත්‍රික් අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රි­ව­ර­යාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ඊයේ(19) සවස කුරු­ණෑ­ගල ශික්ෂණ රෝහලේ දී පැවැ­ත්වී­මට නිය­මි­තව තිබුණි.

නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු සිදු කළ වෙඩි තැබීමකින් ඝාතනයට ලක් වූ ලොරි රථ රියදුරාගේ පවුලේ ඥාතීන් සඳහා ශ්‍රී ලංකා  පොලීසිය විසින් රුපියල් මිලියනයක වන්දි මුදලක් ලබා දී තිබේ.

අලව්ව ප්‍රදේශයේ පිහිටි මිය ගිය රියදුරාගේ නිවසේ දී වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් මෙම මුදල ලබා දුන් බව පොලීසිය සඳහන් කළේය.



හැමෝම කථාවෙන අවලෝකිතේෂ්වර බුදු වෙන්න ඉන්නවායි කියන ලංකාවේ පුද්ගලයා - Awalokitheshwara

0 comments

හැමෝම කථාවෙන අවලෝකිතේෂ්වර බුදු වෙන්න ඉන්නවායි කියන ලංකාවේ පුද්ගලයා - Awalokitheshwara


Video
↓↓↓↓↓↓


↑↑↑↑↑↑

මේ වගේ දේවල් දැනගන්න කැමතිනම් මෙතනින් අපිව Subscribe කරන්න Link: https://goo.gl/AUnC5

------------------------------------------




ඇත්තම කුඩු නිළියගේ නම හා ගූගල් එකට වැරදුන තැන - Himaya talking about Shanika Maduwanthi

0 comments

ඇත්තම කුඩු නිළියගේ නම හා ගූගල් එකට වැරදුන තැන - Himaya talking about Shanika Maduwanthi
Video
↓↓↓↓↓↓
↑↑↑↑↑↑



මේ වගේ දේවල් දැනගන්න කැමතිනම් මෙතනින් අපිව Subscribe කරන්න Link: https://goo.gl/AUnC5

මධූෂ් සමගින් ප්‍රසිද්ධ ගායක අමල් පෙරේරා ඩුබායිහිදි අල්ලයි - Madush and Amal perera NEWS

0 comments

මධූෂ් සමගින් ප්‍රසිද්ධ ගායක අමල්  පෙරේරා ඩුබායිහිදි අල්ලයි - Madush and Amal perera NEWS
Video
↓↓↓↓↓↓
↑↑↑↑↑↑


මේ වගේ දේවල් දැනගන්න කැමතිනම් මෙතනින් අපිව Subscribe කරන්න Link: https://goo.gl/AUnC5


හින්දු සම්ප්‍රදායෙන්ද ආශිර්වාද ලබාගත් රෝහිත ටට්යානා නව යුවළ - Rohitha Tatyana Hindu wedding

0 comments

හින්දු සම්ප්‍රදායෙන්ද ආශිර්වාද ලබාගත් රෝහිත ටට්යානා නව යුවළ - Rohitha Tatyana Hindu wedding
Video
↓↓↓↓↓↓
↑↑↑↑↑↑


මේ වගේ දේවල් දැනගන්න කැමතිනම් මෙතනින් අපිව Subscribe කරන්න Link: https://goo.gl/AUnC5


"පොඩ්ඩක් ඔළුව කල්පනා කරනවා අයිසේ... කැප්ටන් නේද ?" - Sanath Jayasooriya cricket plan

0 comments

"පොඩ්ඩක් ඔළුව කල්පනා කරනවා අයිසේ... කැප්ටන් නේද ?" - Sanath Jayasooriya cricket plan
Video
↓↓↓↓↓↓
↑↑↑↑↑↑


මේ වගේ දේවල් දැනගන්න කැමතිනම් මෙතනින් අපිව Subscribe කරන්න Link: https://goo.gl/AUnC5