Kaluwitharana Hospitalized After A Heart Attack

0 comments

කළුවිතාරණට හෘදයාබාධයක්

හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක හා වර්තමාන ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පුහුණුකරු රොමේෂ් කළුවිතාරණ මහතා හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ හම්බන්තොට රෝහලට ඇතුළු කර තිඛෙනවා.
අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු අද කොළඹ බලා රැගෙනවිත් තිඛෙනවා
ඒ කණ්ඩායම මේ දිනවල සංචාරක
බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම සමග පවත්වන සිව්දින තරගය සඳහා ඔහු දායකවෙමින් කණ්ඩායම සමඟ එක්ව හම්බන්තොට ප්‍රදේශයේ හෝටලයක රැඳි සිටියදී 
මෙම හෘදයාබාධය හටගෙන තිඛෙනවා
ඔහු රෝහලට ඇතුලත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද තහවුරු කර ඇත

Political Relationship Links with Approval of SAITM

0 comments

අගමැතිගෙ ලේලි - රෝහිතගෙ දුව
ග්‍රේරොගේ අයියගෙ දුව - රාජිතගෙ ලේලි

මාලඹේ සයිටම් එක ගොඩදාන්න යන්නෙ
දේශපාලනඥයින්ගේ
ළමයි ඉගෙන ගන්න නිසාලූ

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ප්‍රමිතියකින් තොර ආයතනයක් වුවත් එය කෙසේ හෝ ස්ථාපිත කරන්නට රජය උත්සාහ කරන්නේ දේශපාලනඥයින් රැසකගේ ඥාති හිතමිත්‍රාදීන් එහි අධ්‍යාපනය ලබන නිසා බව සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ පැවති මාධ්‍ය හමුවකදී හෙළි කර තිඛෙනවා.
සංගමයේ වෛද්‍ය අසංග ප්‍රකාශ කළ පරිදි අගමැති පුත් අනුරාධ ජයරත්නගේ බිරිය, රෝහිත අබේගුණවර්ධනගේ දියණිය, මොහාන් ලාල් ග්‍රේරුගේ සොහොයුරාගේ දුව, 
රාජිත සේනාරත්නගේ ලේලිය මෙහි ඉගෙනුම ලබන අතර සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රිවරියගේ දිය‚ය මෙහි ටික කලකට අධ්‍යාපනය හදාරා පිටව ගොස් ඇත

සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර කියා සිටියේ වෛද්‍යවරයෙක් බිහි කිරිම භාණ්ඩයක් නිෂ්පාදන කරනවා වැනි සුළුවට අවතක්සේරු කළ යුතු කාර්යක් නොවන බවත් රටේ ජනතාවගෙ සෞඛ්‍යට වගකිව යුතු වෘත්තීයක් බැවින් කිසිදු ප්‍රමිතියකින් තොරව වෛද්‍ය උපාධිය හැල්ලුවට ලක් කර සුදුසුකම් නැති  අකාරයෙන් වෛද්‍යවරුන් බිහිකිරීමට මේ ආකාරයට උත්සාහ දරන්නේ දේශපාලඥයින්ගේ දරුවන්ට ඥාතීන්ට මුදලට වෛද්‍ය උපාධිය ලබා ගැනීමට අවස්ථා සැලසීමට බවයි

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නිත්‍යානුකූල කර එහි ශිෂ්‍යයින්ට සායන පැවැත්විම සඳහා රාජයේ රෝහල් ලබාදිමට නීති සම්පාදනය කරමින් සිටින මොහොතක ශ්‍රී ලංක වෛද්‍ය සභාව පඹයෙකු බවට පත්වී බලා සිටින බවත් ඔහු ප්‍රකාශ කළා

යාල්දේවී යාපන ගමන

0 comments

යාල්දේවී යාපන ගමන
රුපියල් 320 ට  යාපනේ යමු

අලූතින් ඉදිකරන ලද යාපනය දුම්රිය ස්ථානය විවෘත කිරීමත් යාල්දේවී දුම්රිය නැවත යාපනය දක්වා ගමන් කිරීමත් අද ජනපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකින් පසු සිදුවුණා. ශ්‍රී ලංකාවේ යුදමය වාතාවරණය පැවති සමයේ ඇණහිටි මේ දුම්රිය ගමන් නැවත ආරම්භ කිරීම දෙමළ ජනතාවට ගමන් බිමන් පහසුව පිණිස මෙන්ම ලංකාවේ ජාතීන් අතර සබඳතා සවිමත්කිරීමේ විශේෂ අවස්ථාවක් වනවා
මෙම දුම්රිය ගමන් සඳහා අයකරන ගාස්තු කොළඹ-යාපනය දක්වා තුන්වන පන්තිය රු 320 දෙවන පන්තිය රු 800 පළමු පන්තිය රු 920 ඒසී විශේෂ මැදිරි රු 1500 බව සඳහන් වනවා
අද යාල්දේවී ගමන් 
නැවත අරඹමින් දුම්රිය පලෙයි සිට යාපනය දක්වා ජනපතිවරයා සමග ගමන් කළ හැටි පහත පළවන ඡායාරූප වල දැක්වෙනවා