Political Relationship Links with Approval of SAITM

අගමැතිගෙ ලේලි - රෝහිතගෙ දුව
ග්‍රේරොගේ අයියගෙ දුව - රාජිතගෙ ලේලි

මාලඹේ සයිටම් එක ගොඩදාන්න යන්නෙ
දේශපාලනඥයින්ගේ
ළමයි ඉගෙන ගන්න නිසාලූ

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ප්‍රමිතියකින් තොර ආයතනයක් වුවත් එය කෙසේ හෝ ස්ථාපිත කරන්නට රජය උත්සාහ කරන්නේ දේශපාලනඥයින් රැසකගේ ඥාති හිතමිත්‍රාදීන් එහි අධ්‍යාපනය ලබන නිසා බව සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ පැවති මාධ්‍ය හමුවකදී හෙළි කර තිඛෙනවා.
සංගමයේ වෛද්‍ය අසංග ප්‍රකාශ කළ පරිදි අගමැති පුත් අනුරාධ ජයරත්නගේ බිරිය, රෝහිත අබේගුණවර්ධනගේ දියණිය, මොහාන් ලාල් ග්‍රේරුගේ සොහොයුරාගේ දුව, 
රාජිත සේනාරත්නගේ ලේලිය මෙහි ඉගෙනුම ලබන අතර සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රිවරියගේ දිය‚ය මෙහි ටික කලකට අධ්‍යාපනය හදාරා පිටව ගොස් ඇත

සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර කියා සිටියේ වෛද්‍යවරයෙක් බිහි කිරිම භාණ්ඩයක් නිෂ්පාදන කරනවා වැනි සුළුවට අවතක්සේරු කළ යුතු කාර්යක් නොවන බවත් රටේ ජනතාවගෙ සෞඛ්‍යට වගකිව යුතු වෘත්තීයක් බැවින් කිසිදු ප්‍රමිතියකින් තොරව වෛද්‍ය උපාධිය හැල්ලුවට ලක් කර සුදුසුකම් නැති  අකාරයෙන් වෛද්‍යවරුන් බිහිකිරීමට මේ ආකාරයට උත්සාහ දරන්නේ දේශපාලඥයින්ගේ දරුවන්ට ඥාතීන්ට මුදලට වෛද්‍ය උපාධිය ලබා ගැනීමට අවස්ථා සැලසීමට බවයි

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නිත්‍යානුකූල කර එහි ශිෂ්‍යයින්ට සායන පැවැත්විම සඳහා රාජයේ රෝහල් ලබාදිමට නීති සම්පාදනය කරමින් සිටින මොහොතක ශ්‍රී ලංක වෛද්‍ය සභාව පඹයෙකු බවට පත්වී බලා සිටින බවත් ඔහු ප්‍රකාශ කළා

0 comments:

Post a Comment