කුලසේකර, සචිත්‍ර, නලීන් ප්‍රමුඛ මේරියන්ස් දුප්පත් ස්කෝලෙකට ගිහින් ඇඩෙන්නම කරපු වැඩේ

VIDEO





අපේ රටේ කණ්ඩායම් සංගීතය වෙනම දිශානතියකට ගෙන ගිය “මේරියන්ස්” ගැන කවුද නොදන්නේ?. මේරියන්ස් කියූ සැනින් වෙන තියෙනවා. ඒ “නලීන්”. නලීන් කියන්නේ සංගීත කණ්ඩායමේ නායකයා විතරක් නෙවෙයි. ඔහු දක්ෂ ගායකයෙක් සහ ඉදිරිපත් කරන්නෙක්. ඊටත් වඩා නලීන් පෙරේරා ප්‍රමුඛ මේරියන්ස් කියන්නේ මිනිසුන්ගේ දුක අඳුනන , අනාගතය ගැන අපේ රටේ දේශපාලකයින්ට වඩා දැක්මක් තියෙන සුන්දර මිනිසුන් පිරිසක්.
ක්‍රිකට් කියන්නේ ලංකාවේ අපේ හදවත වගේ. ගොඩක් දැනෙන, ශරීරය හා මනස සමග ඒකාබද්ධ වුනු දෙයක්. එකයි පරදිනකොට බැන බැන ත් මැච් බලන්නේ. අපේ රටේ මිනිස්සු ක්‍රිකට් වලට වගේම ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් ආදරෙයි. අපේ ක්‍රිකට් තරු ලංකාවේ මිනිස්සු වෙනුවෙන් කරන මෙහෙවර සුළුපටු නැහැ.සමාජ සත්කාර වෙනුවෙන් ගොඩක් වැඩ කරනවා. එහෙත් මාධ්‍ය ප්‍රචාරයක් ගන්න ඔහු එතරම් කැමති නැහැ.
කොහොම වුනත් මේ කියන්න යන දේ අහල්ල, පහත වීඩියෝ බලල , පින්තුරටික බලද්දී ඔයාගෙත් ඇස්දෙකට කඳුලක් එයි. එක දුකටද?, සතුටටද කියන එක ඔයාම තීරණය කරන්න. කොහොම වුනත් අපි දන්නා මිනිස්සුන්ගේ නොදැක්ක පැත්ත ගැනයි මේ….



මේරියන්ස් සංගීත කණ්ඩායම සමාජ සත්කාර වැඩක් කරනවා. ඒ තමා “අරුනලු මනුෂ්‍යත්වයේ සත්කාරය.” මෙමගින් ඈත දුෂ්කර ප්‍රදේශවල පහසුකම් අඩු පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය භාණ්ඩ ලබාදීම සිදුකරනවා. පාසල් උපකරණ, සංගීත භාණ්ඩ, ඔවුන්ගේ තවත් අඩුපාඩු සපුරනවා. මේකට සහභාගීව උදව්කරන තව දෙන්නෙක් ඉන්නවා. ඒ ශ්‍රීලංකාවේ ජනප්‍රිය ක්‍රිකට් තරු දෙකක්වන, නුවන් කුලසේකර සහ සචිත්‍ර සේනානායක දේපල. මේ දෙන්නට අමතරව තවත් කිහිපදෙනෙක් උදව් කරනවා.
ලංකා රහස් අපට වාර්තාවුනේ ලඟදි දවසක ඔවුන් උදව් කරන්න කන්දේගම කනිෂ්ඨ විද්‍යාලය තෝරාගත්තා . මේ පාසලේ දුවා දරුවන්ට අවශ්‍ය කරන සංගීත භාණ්ඩ සහ වෙනත් උපකරණ බෙදා දුන්නා. අවසානයේ පාසල් ශිෂ්‍යන් දෙපිලට බෙදී, කුලසේකරගේ කණ්ඩායම සහ සචිත්රගේ කණ්ඩායම අතර ක්‍රිකට් තරඟයක් පැවැත්වුවා.



මේ දරුවන් විඳින දුෂ්කර ජීවිතයට පිහිටක් වෙන්න ආව සියලු හැගීම් බර වුනා. විටෙක කුලසේකර සභාව අමතන විට ඔහුගේ නෙත් කඳුලින් තෙත් වුනා. ඒ තරමට හන්ගීම් බරවුනා. කුලසේකර විතරක් නෙවෙයි හැමෝගෙම දෑස් කඳුලෙන් තෙත් වුනා.

පාසලට සංගීත භාණ්ඩ බෙදා දුන්නත්, සංගීත ගුරුවරයෙකු නොමැති බව නලීන් දැනගත්තේ පසුවයි. නලීන් ඊට ඉදිරිපත්කල විසඳුමට හැමෝගෙම ඇස් වලින් කඳුළු අවා. ඒ සතුටට.
නලීන් කීවේ සංගීත ගුරුවරයෙකු ලබාදීමට අවශ්‍ය කටයුත්ත සිදුකිරීමට සුදානම් බව සහ, පාසල් වේලාවෙන් පසු අතිරේක කාලය වැයකර දරුවන්ට සංගීත දැනුම ලබාදීමට පහසුකම් සලසා දීමට කටයුතු කර, ඊට අවශ්‍ය මුල්‍ය පහසුකම් තමන් දරන බවයි.
මෙවැනි යුගයක මෙවැනි මිනිසුන් කරන මේ සමාජ සත්කාරය මොනතරම් අගය කලයුක්තක්ද?. මේවා ඔවුන් කරන්නේ හුදු ප්‍රසිද්ධිය හෝ වෙනත් ලාභ බලාපොරොත්තුවෙන් නොවේ. නමුත් බහුතරයක් නොදන්නා , නමුත් දැනගත යුතු ඔවුන්ගේ සත් ක්‍රියාවේ විශේෂ අවස්ථා  චායාරුප පහතින් නරඹන්න.

VIDEO

PHOTOS



























0 comments:

Post a Comment