යෂාන් කෙන්යා සමග යුග දිවියට PHOTOS




යෂාන් ද සිල්වා කියන්නේ යොවුන් පරපුරේ ප්‍රසිද්ධ, දක්ෂ ගායකයෙක්. ඔහු පසුගියදා යුග දිවියට පා තැබුවා. ඔහුගේ අතගත් වාසනාවන්තියගේ නම කෙන්යා ශානි.

යෂාන් තමන්ගේ ආදරවන්තිය ගැන මෙසේ කියා තිබුනා." අපි මුණ ගැසුණේ නාරාහේන්පිට දේවස්ථානයේදී. කෙන්යා ගීතිකා කණ්ඩායමේ ක්‍රියාකාරී සාමාජිකාවක්. ඉතිං එයා
ස්ටේජ් එකේ ඉන්නවා මම නිතර දකිනවා. ඊට පස්සෙ තමයි අපි යාළුවෝ විදියට පොඩි කාලයක් ආශ්‍රය කරලා පෙම්වතුන් වෙන්නේ. මම ආදරේ ප්‍රකාශ කළාම එයා කිව්වා විවාහය දක්වා යන සම්බන්ධයකට නම් එයා කැමැතියි කියලා. එයා ඒ කොන්දේසිය දාලා තමයි මගේ ආදරේ පිළිගත්තේ. මමත් ඒ අදහසින් තමයි ඒ යෝජනාව කළේ කියලා එයාට කිව්වා".

හැම ආදර කතාවකටම බාධාවක් එනවනේ. ඉතින් යෂාන්ගේ අදර කතාවටත් බාධාවක් තිබිලා. ඒ ගැන යෂාන් අදහස් දැක්වුයේ මෙහෙමයි. දෙන්නෙක්ගේ සම්බන්ධයකට කිසිම බාධාවක් එන්නේ නෑ කිව්වොත් බොරුවක්. හැමෝටම වගේ අපිටත් බාධා ගොඩක් තිබුණා. මම මහනුවර. එයා කොළඹ. අපි හැදුණු පසුබිම වෙනස්. බාහිරින් ගොඩක් අය ගොඩක් දේවල් කිව්වා. ගෙවල්වල අයත් ගොඩක් ප්‍රශ්න කළා. නාරාහේන්පිට ජනතා දේව සභාවෙනුත් අපි ගැන හෙව්වා. පල්ලිය මඟින් අපිට විවාහ උපදේශන පන්ති මාලාවක් පැවැත්වූවා. අපි ඒවට සහභාගි වෙලා ආත්මිකව වර්ධනයක් ඇති කරගත්තා.










Yashan and Kenya wedding photos, Kenya wedding dress

0 comments:

Post a Comment